හදවතේ කෙටි නම UNP නෙමෙයි SJB! නව සන්ධානයෙන් එජාප නාමයට හානියක් නෑ! – සජිත්

February 12, 2020 at 3:35 pm | by emanisa.lk

අලුතින් ලියාපදිංචි කළ සමගි ජන බලවේගයේ කෙටි නම UNP නෙමෙයි SJB බවත් එමගින් එජාප නාමයට කිසිදු හානියක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තමන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් සංශෝධන අනුව තම සන්ධානයෙහි නම “සමගි ජන බලවේගය” බවත් එය කෙටියෙන් භාවිතා කෙරෙන්නේ SJB යනුවෙන් බවත්ය.

එක්සත් ජාතික පක්ෂයෙහි අනන්‍යතාවට හානි කිරීමට තමන්ට කිසිදු වුවමනාවක් නොමැති බව අවධාරණය කළ හෙතෙම එජාප නීති උපදේශකවරයා අන්තර්ජාලයෙහි පළවූ ඇතැම් පුවත් අනුව නව සන්ධානයෙහි නම වරදවා වටහා ගැනීමෙන් මෙම ලිපිය නිකුත් කර ඇති බවක් පෙනී යන්නේ යැයි ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස