සජිත්ට හදවත තේරුවේ මං! – නලින් බණ්ඩාර

February 14, 2020 at 8:44 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ගොඩනඟන සමගි ජන බලවේගය සඳහා හදවත සලකුණ යෝජනා කළේ තමන් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

සන්ධානය තැනීම සඳහා අවස්ථාව ලබා දී දැන් අලියාගෙන් ඡන්දය ඉල්ලිය යුතු යැයි පැවසීම කුමන්ත්‍රණයක් බවත් හෙතෙම පවසයි.

අද අලියා ගැන කිඹුල් කඳුලු හෙළන අය එදා ජනාධිපතිවරණයට හංසයාගෙන් ඡන්දයට ඉදිරිපත් වන විට කිඹුල් කඳුලු නොසැලූ බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එහෙයින් එළඹෙන මැතිවරණය සඳහා තමන් අනිවාර්යෙන් තරඟ වදින්නේ සමගි ජන බලවේගය මගින් බව නලින් බණ්ඩාර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස