මඩකලපුව ෂාරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගනු! – ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය…

April 30, 2019 at 2:20 pm | by admin

මඩකලපුව, පුනානි ප්‍රදේශයේ ඉදිකළ විශ්ව විද්‍යාලය රජයට පවරා ගත යුතු බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

කොළඹදී ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේය.

මෙය 2013 වසරේ අනුමැතිය ලබා ඇත්තේ විශ්වවිද්‍යාලයක් ලෙස නොව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස බවත් 2015 දී බැටිකලෝ කැම්පස් යනුවෙන් එහි නම වෙනස්කර ඇති බවත් ඔහු හෙළි කළේය.

එසේම සෞදී රජයේ ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කරන බව පැවසුවද මේ සඳහා මුදල් ලබා දෙන්නේ සෞදි රජය නොව එරට සෙයික් යෙහාන් අබ්දුල් අල් රෂීඩ් නම් පුද්ගලයෙක් බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයක්ද ශරීයා නීතියා පමණක් උගන්වන නීති පිඨයක්ද ආරම්භ කිරීමට සූදානම් වන බව ඒ මහතා හෙළිදරව් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස