හිතක් පපුවක් නැති ජඩයෝ ප්‍රහාරයෙන් පසු තුවාලකරුවන් ද විකුණාගෙන කති! ඖෂධ ගන්න යැයි ෆේස්බුක් ඔස්සේ මුදල් එකතු කළ මුස්ලිම් 9ක් සහ සිංහල එකෙක් අත්අඩංගුවට!

May 1, 2019 at 9:59 am | by admin

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නන්ට අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා යැයි පවසමින් ෆේස් බුක් ඔස්සේ මුදල් එකතු කරමින් සිටි තරුණයන් දසදෙනකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැර ඇත.

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තුසිත සුදර්ශන අරඹේගෙදර මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22ත් 30ත් අතර වයසේ පසුවන මුස්ලිම් ජාතිකයන් නව දෙනකු සහ එක් සිංහල ජාතිකයෙකි.

වරද පිළිගෙන ඇති තරුණයන් ඒ පිළිබඳව ලිඛිතව කනගාටුව ප‍්‍රකාශ කරන බව පවසා වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්‍ෂවරයාට පොලිස් ස්ථානය තුළදී වැඳ සමාව ගෙන ඇත.

පාස්කු ඉරුදින බෝම්බ ප‍්‍රහාරය සිදුව පැය දෙකතුනක් ඇතුළත මෙම තරුණයන් පිරිස ෆේස් බුක් ඔස්සේ ඖෂධ වර්ග කිහිපයක සහ වෛද්‍ය උපකරණ කීපයක නම්ද සඳහන් කරමින් ඒවා රෝහල් තුළ නොමැති බව පවසා ඇත.

එකක් රුපියල් තිස් දහසක්, හතළිස් දහසක් වටිනා මෙම ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදලින් උපකාර කරන ලෙස පවසමින් ඔවුන් දුරකතන අංක කිහිපයක්ද සඳහන්කර තිබූ බවටත් වෛද්‍ය සුදර්ශන මහතා පැමිණිලි කර ඇත.

ඒ ඔස්සේ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය එම තරුණයන් අත්අඩංගුවට ගත් බව කී වෛද්‍ය සුදර්ශන මහතා රෝගීන් සඳහා කිසිදු හි`ගයකින් තොරව ඖෂධ සහ වෙනත් වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇතැයිද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස