කෝට්ටේ පෙරහැරේ අලි දෙදෙනෙක් කුලප්පු වෙති! 17 දෙනෙක් තුවාල ලබති!

September 8, 2019 at 1:33 pm | by emanisa.lk

ඊයේ (07) රාත්‍රියේ වීථි සංචාරය කළ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහැරේ ගමන් කළ අලි දෙදෙනෙකු කුලප්පු වීම නිසා පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයින් පිරිසක් මෙලෙස තුවාල ලබා ඇතැයි පොලිිසිය පවසයි.

තුවාල ලැබු රෝගීන් කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබු පුද්ගලයින් අතර කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි සිව් දෙනෙකු සිටින රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඊයේ රාත්‍රි 10.40ට පමණ මෙම අලි දෙදෙනා කුලප්පු වී ඇති අතර එහිදී එක් අලියෙකු ඉදිරියට දිව ගොස් ඇත. මෙහිදී මග දෙපස සිටි ජනතාවට තුවාල ලබා ඇතැයි සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස