මේ සංහාරයේ වගකීම මුජිබර් රහුමාන්ලා භාරගත යුතුයි! – විජේදාස රාජපක්ෂ

April 24, 2019 at 7:48 am | by admin

බෝම්බ ප‍්‍රහාරවලින් පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතනවල වගකීම මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විසින් භාරගත යුතු බව විපක්‍ෂයේ සිටින එජාප මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

“මම 2016 නොවැම්බර් 18 දා මේ පාර්ලිමේන්තුවේදී තවුහිද් ජමාත් සංවිධානයේ පවුල් හතරක පුද්ගලයන් තිස්දෙදෙනෙක් අයිඑස්අයිඑස් සංවිධානයේ පුහුණුව ලබාගෙන ඇති බවත් ඔවුන් දරුණු ප‍්‍රහාරයකට සූදානම් වන බවත් හෙළිදරව් කළා. ඒ වෙලාවේ මම කියන්නේ බොරු කියමින් ඇමැතිවරුන් සහ මුජිබර් රහුමාන්ලා මට ශාප කළා. මේ මිනීමැරුම්වල වගකීම මුජිබර් රහුමාන්ලා භාරගත යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස