ශ්‍රීලනිපයෙන් පැන්න අයට වැඩ වරදී! මන්ත්‍රී ධුර පවර ගන්න සූදානම්!

September 2, 2019 at 10:54 am | by emanisa.lk

පක්ෂය මාරු කර වෙනත් පක්ෂ සඳහා සහයෝගය දැක්වූ මන්ත්‍රීවරුන්ගේ ධූර අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු ආරම්භ කර ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක මීට පෙර ආණ්ඩුවට සහය පළ කළ අතර ඉකුත් දා එස්. බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන් ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වුණි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලින් පාර්ලිමේන්තුවට පිවිස පක්ෂය මාරු කළ අයට එරෙහිව පළමුව පියවර ගැනීමට නියමිතය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසන්නේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර තම පක්ෂය සතු මන්ත්‍රී ධූර බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස