2018 තේ නිෂ්පාදනය කිලෝ ලක්ෂ 40කින් බැහැලා!

January 29, 2019 at 3:36 am | by admin

2017 වර්ෂයට වඩා 2018 වර්ෂයේ තේ නිෂ්පාදනය තේ කිලෝග්‍රෑම් මිලියන 4කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ (ප්‍රචාරක) හසිත ද අල්විස් මහතා පවසයි. නියඟය, කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය සහ කම්කරුවන්ගේ ගැටලු මෙරට තේ නිෂ්පාදනය පහළ බැසීමට හේතු වූ බවත් ඔහු පෙන්වා දෙයි. තේ මිල ඉහළ යෑම නිසා 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේ තේ ආදායම පහළ ගොස් නොමැති බවද හෙතෙම පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස