විනිසුරු ගිහාන් වෙනුවෙන් නීතිඥයෝ පෙරට! නීතිපති නීතිය නවන බවට චෝදනා! (video)

February 14, 2020 at 8:03 am | by emanisa.lk

කොළඹ හිටපු විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නීතිපති දප්පුල ද ලිවේරා නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කරමින් නීතිඥයෝ සිය ගණනක් අද (13) අධිකරණයේ පෙනී සිටියේය. ඒ ජනාධිපති නීතිඥ අලී සබ්රි ඇතුළු නීතිඥ පිරිසකි.

රංජන් රාමනායක සමග සිදුකළ දුරකථන සංවාද පදනම් කරගෙන විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩතහනම් කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගන්නැයි නීිතිපතිවරයා පසුගියදා නියෝග නිකුත් කළේය.

එහෙත් විනිසුරු ගිහාන් තමන්ට රංජන් රාමනායක මරණ තර්ජන කළ බවට 2015 පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඔහු රංජන් සමග කතා කර ඇත්තේ පොලිස් උපදෙස් අනුව බවත් පොලිසිය ලිිපියක් මගින් නීතිපතිවරයා දැනුම්වත් කළ බව වාර්තා වෙයි.

එවැනි පසුබිමක් මත පැමිණිලිකරු විත්තිකරු කරමින් ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම වැරදි බවත් එය නීතියට අනුව වැඩ කළ විනිසුරුවයා දේශපාලන වශයෙන් දඩයම් කිරීමක් බවත් පෙන්වා දෙන නීතිඥවරු විමසා සිටින්නේ දැනටමත් චෝදනා සනාථ වී ඇති හිටපු සොලිසෙටර් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ චෝදනා නැඟෙන නීති නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා කටයුතු නොකරන්නේ මන්ද කියාය.

විනිසුරු පිලපිටිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගන්නැයි තමන්ට උපදෙස් ලැබී නොමැති බව අධිකරණය හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස