නීතිපති කෙහෙල් ගහට අනී! කතානායක ඉදිරියට කැඳවයි!

January 26, 2020 at 5:23 pm | by emanisa.lk

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි උපදෙස් ලබා දීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා නීතිපති දප්පුල ද ලිවේරා, කථානායක කරූ ජයසූරිය හමුවට පැමිණවිය යුතු බවට ව්‍යවස්ථාදායක සභාව විසින් තීරණය කර ඇත.

වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට පසුගියදා උපදෙස් ලබා දුන්නේය.

ඒ විනිසුරුවරයා ,මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස