අපි පත්කළ නීතිපතිවරයා අප දඩයම් කරනවා! මේක දේශපාලන මාධ්‍ය සංදර්ශනයක්! – නීතිපති ඉලක්ක කළ විපක්ෂ මඩ ලොරියක් සූදානම්….

December 27, 2019 at 3:58 pm | by emanisa.lk

නීතිපති දප්පුල ලිවේරා සිය ධුරය සම්පූර්ණයෙන්ම මාධ්‍ය සංදර්ශන සඳහා අවභාවිත කරමින් දේශපාලන පිනවීමක් කරන්නේ ද යන කරුණ පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර කතාබහක් මතුව ඇතැයි වාර්තා වෙයි.

නීතිපතිවරයා රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සම්බන්ධිකරණ නිලධාරිනිය වශයෙන් පත් කර මාධ්‍ය නිවේදන කිරීම ආරම්භ කිරීම ද ඔවුන්ගේ විවේචනයට හේතු වී ඇත.

මේ වන විට විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක අතර එම කටයුතුද නීතිපතිවරයාට අවශ්‍ය පරිදි සිදුවන බවට චෝදනා නැඟෙයි.

මේ නිසාම විපක්ෂය විසින් තම ආණ්ඩුවම පත් කළ නීතිපතිවරයාට එරෙහිව අභූත චෝදනා රාශියක් එල්ල කරමින් ජනතාව අතර නීතිපතිවරයාත් රටේ නීති පද්ධතියත් කෙරෙහි අප්‍රසාදයක් ඇති වන ආකාරයේ මඩ අවලාද ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානමින් සිටින බව ද අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස