වාසු විමල් උදයගේ විරෝධය බහුතරයට යටයි! බහුතර අනුමැතියෙන් විස්ස ගැසට් කෙරේ!

September 5, 2020 at 12:10 pm | by emanisa.lk

20 වන සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දැරීමට අවස්ථාව ලබා නොදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර කැබිනට් හමුවේ දී සඳහන් කර ඇත.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ අදහස් පල කර තිබේ.

එහෙත් ඇමති වාසුදේව නානායක්කාරගේ අදහසට කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකු සිය විරෝධය පළ කර ඇත.

ඇමති විමල් විරවංශ පවසා ඇත්තේ පුද්ගලයකු ඉලක්ක කරගෙන නොව ප්‍රතිපත්තිමය කාරණාවක් ලෙස ඇමති වාසුදේවගේ අදහස සලකා බැලිය යුතු බවත් ඉන්දියාව පවා ද්විත්ව පුරවැසියන්ට රජයේ තනතුරු දැරීමට ඉඩ නොදෙන බවත්ය.

මෙම සංශෝධනය යම් හෝ සුළු අඩුපාඩුවක් තිබුණොත් විපක්ෂය ඊට අධිකරණයට යනු ඇති නිසා තවදුරටත් අධ්‍යනය කළ ඊළඟ කැබිනට්ටුවේ එය අනුමත කිරීමට අමාත්‍ය උදය ගම්මන්පිල එහිදී යෝජනා කර ඇතත් කැබිනට් මණ්ඩලයේ වැඩි පිරිසක් ඊට විරෝධය පළ කර ඇත.

අවසානයේ කැබිනට් මණ්ඩලය තීරණය කරන ලද්දේ එදින ම කෙටුම්පතට අනුමැතිය දී එදිනම ගැසට් කිරීමට යැවීමටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස