හාර මාසෙකට විතර කලින් බැසිල් අපෙන් දෙවෙනි මනාපේ ඉල්ලුවා! – ජවිපෙ

October 18, 2019 at 1:44 pm | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු පාර්ශ්වයකට සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණෙන් ඔවුන්ගේ දෙවැනි මනාපය පොහොට්ටුවට ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ පෙරේදා (16) මහනුවරදී පැවති රැස්වීමක් අමතමිනි.

“මං ඕනෙ නම් පොඩි රහසක් වගේ එකක් කියන්නම්. මීට මාස හතරකට විතර කලින් බැසිල් රාජපක්ෂ අපේ පක්ෂයේ නායකයෙක්ට කතා කරලා කියලා තිබුණා 44%ක් වගේ තමයි උපරිම තිබෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි මනාපය පුළුවන්ද ඒගොල්ලොන්ට ගන්න කියලා.

අපි කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ, ඡන්දදායකයෝ අපිටවත් මනාපයක් දෙන්නෙ නෑ, ඒගොල්ලො ලකුණට විතරයි ගහන්නෙ. ඒනිසා ඒක කොහොමත් කෙරෙන්නෙ නැතිවෙයි කියලා.”

 කෙසේ වුවද ජවිපෙ සමාජ මාධ්‍ය කණ්ඩායම් ඔස්සේ සිය සාමාජිකයන්ට දෙවන මනාපය එජාප අපේක්ෂකයාට ලබා දෙන ලෙස යෝජනා කර ඇතැයි පසුගිය සමයේ හෙළිදරව් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස