රාජිත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර ප්‍රජා අයිතිය අහෝසි කරනු! – GMOA විරෝධතා අරඹයි….

June 11, 2019 at 8:53 am | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (10) දින සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත්, ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ ප්‍රධාන රෝහල් ඉදිරිපිට විරෝධතා බැනරයක් ප්‍රදර්ශනය කරන බවත් එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

විරෝධතා සතිය තුළ සෞඛ්‍ය ඇමතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට අත්පත්‍රිකා බෙදා හරින බවත්, මීට අමතරව පළාත් මට්ටමින් විරෝධතා සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.

සතියක කාලයකින් පසු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ නිසා සිදුකරන ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස