මේ ආණ්ඩුව හදන්න දෙමළ මුස්ලිම් ජනතාව විශාල සහයෝගයක් දුන්නා! ආගම්වාදයට ජාතිවාදයට විරුද්ධ අගමැතිතුමා ගැන සැකයක් තියාගන්න එපා!- ඇමති රාජිත යාපනේදී කියයි…

June 4, 2019 at 12:13 pm | by admin

උතුරේ ජනතාවගේ ගැටලු පිළිබඳව වත්මන් රජයට නිවැරදි දැක්මක් ඇති බවත්, දකුණේ වෙනත් දේශපාලන පක්ෂවල නායකයින්ට එවැනි දැක්මක් නොමැති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සමෘද්ධි හිමිකම් පත් ලබාදීම වෙනුවෙන් යාපනය නගර සභා ක්‍රිඩාංගණයේ පැවැති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“දකුණේ ක්‍රියාත්මක වූ අන්තවාදය වත්මන් රජය තුරන් කළා. ජාතික ප්‍රශ්නය පිළිබඳව වත්මන් රජය එකම මතයත සිටිනවා. ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධ රජයක් 2015 වසරේ දී ස්ථාපිත කළා.

මෙම රජය ස්ථාපිත කිරීමට ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව විශාල සහයෝගයක් ලබාදුන්නා. එම නිසා ඔවුන්ගේ අයිතිය මෙන්ම සංවර්ධනය ද සිදු කළ යුතුයි. දෙවන පෙළ පුරවැසියෙක් ලෙස ජිවත්වීමට කවුරුවත් කැමැති නැහැ.

අපේ රටට නිදහස ලබාදිමට පොන්නම්බලම් රාමනාදන් මහතා අවශ්‍ය සහයෝගය ලබාදුන්නා. ඒ ආකාරයට වර්තමානයේ ද දෙමළ ජාතික සන්ධානයත් රජයට සහයෝගය ලබාදෙනවා.

නමුත් රජයේ වේගය මදි බවට චෝදනා එල්ල වනවා. මමත් එම කරුණට එකග වෙනවා. උතුරේ ජනතාවගේ ඉඩම් බෙදාදීම, රැකියා ලබාදීම සිදු කළ යුතුයි.

ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධ අග්‍රාමාත්‍යවරයෙක් අපට සිටිනවා. සැකයක් තියාගන්න එපා. ජාතික ප්‍රශ්නය පිළිබඳ හොඳ අවබෝධයකින් එතුමා කටයුතු කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස