සිරිකොත නඩත්තුවට සල්ලි දුන්න ෂාෆි ගැන හොයන රාජිත කමිටුවලින් යුක්තියක් ඉටු වෙන්නේ නෑ! දරුවන් අහිමි කළ අම්මලාට සාධාරණයක් නොවුණොත් මේ කාලකන්නි පාලකයෝ ගල් ගහලා එලවන්න ඕන! – විමල්

June 2, 2019 at 7:41 am | by admin

සෞඛ්‍ය ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡා තබමින් චූදිතයා නිවැරදි යැයි කියන රටක වින්දිතයාට සාධාරණයක් ඉටු වේ දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විමසයි. මෙම කමිටුවේ අරමුණ තම පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ චූදිතයා සෝදා ශුද්ධ පවිත්‍ර කිරීම යැයි හෙතෙම චෝදනා කරයි.

මන්ත්‍රිීවරයා මෙම අදහස් දැක්වූයේ කුරුණෑගල රෝහලට ගොස් වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් වඳ සැත්කම් සිදු කළේ පැමිණිලි කළ මව්වරු පිරිසක් සහ රෝහල් කාර්යමණ්ඩලය මුණ ගැසීමෙන් පසු (01) මාධ්‍ය අමතමිනි.

සිරිකොත නඩත්තුවට මුදල් ලබා දුන්නේ වෛද්‍ය ෂාෆිලා බවත් එහෙයින් ඔහු පිළිබඳ එජාපයේ රාජිත සේනාරත්නලා පත් කළ කමිටුවලින් අසාධාරණයට ලක් වූ මව්වරුන්ට කිසිදා සාධාරණයක් ඉටු නොවන බවත් ඔහු පැවසුවේය.

මෙම නඩුවේ වින්දිතයා වෛද්‍ය ෂාෆි නොව වඳභාවයට පත් කළ අම්මලා බවත් එහෙයින් රෝහල් කාර්ය මණ්ඩලය ද ඇතුළත් වන පරිදි වහාම කමිටුවක් පත් කර විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස