වෛද්‍ය ෂාෆිට එරෙහිව පෙර වැරදි කිසිවක් නෑ! ෂාෆි සිංහල වෛද්‍යවරයෙක් වුණා නම් මෙහෙම චෝදනා නෑ! මගේ අමාත්‍යංශය යටතේ පරීක්ෂණයක් කරනවා! – රාජිත (video)

May 28, 2019 at 8:26 am | by admin

වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන්ට එරෙහිව මෙයට පෙර කිසිදු චෝදනාවක් නැති බවත් මාධ්‍ය ඔහු පසුපස පන්නන්නේ ඔහු මුස්ලිම් වෛද්‍යවරයකු නිසා බවත් ඇමති රාජිත සේනාරත්න පවසයි.

එසේම මව්වරුන්ගේ ඇඳ ඉහපත් වාර්තා මාරු කර දරුවකු වෙනත් අයකුට ලබා දීමේ චෝදනාව අසත්‍ය බවත් ඒ පිළිබඳ රෝහලේ සේවය කරන හෙදියන් තමා සමග පැවසූ බවත් ඇමතිවරයා පවසයි.

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳ විමර්ශන කිරීමට අයිතියක් නැති බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණ කමිටුවක් පත් කරන බවත් ඇමතිවරයා පවසයි.

මෙම වෛද්‍යවරයා පිළිබඳ තොරතුරු ඇත්නම් රටට හෙළි නොකර තම අමාත්‍යංශය වෙත එවන ලෙස රොහල් අධ්‍යක්ෂවරයාට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දුන් බවත් ඔහු පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස