ජිනීවා යෝජනාව පිළිබඳ ජනපති නියෝග විදේශ කටයුතු අමාත්‍යංශය පිළිගෙන නෑ!

March 2, 2019 at 1:17 pm | by admin

ශ්‍රී ලංකා රජය 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි නොවීමට තීරණය කර ඇත. ඒ වෙනුවට ජිනීවා නිත්‍ය නියෝජිත ඒ. අසීස්ට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට උපදෙස් දී තිබේ.

රටවල් පහක්‌ විසින් මාර්තු 7 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධව ගෙන එන අලුත්ම ජිනීවා යෝජනාව යටතේ ශ්‍රී ලංකා රජයට වගවීමේ ක්‍රියාවලිය ඉටු කිරීම සඳහා තව වසර 2 ක්‌ කල් දෙන ලෙස ඉල්ලීමක්‌ කෙරේ.

මෙවර කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් 40 ක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වන අතර කොටි සංවිධාන 17 ක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා රැගත් වාර්තාවක්‌ ඉදිරිපත් කර තිබේ.

මේ අතර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු, හැමිලා ගෝමස්‌, ජී. මනෝහරන් සේනාද තෙරේසා සහ සන්ධ්‍යා එක්‌නැලිගොඩ එම පිරිස බව හෙළි වී ඇත.

ඔවුන් ඉදිරිපත් කළ අලුත්ම වාර්තාව වන්නේ 2009 දී හමුදාවට ළදරුවන් ඇතුළු ළමුන් 25 ක්‌ භාරදුන් බවයි.

මේ අතර ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දීමෙන් වළකින ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදේශ කටයුතු අමාත්‍යාංශයට කළ නියෝගය ද ඉටු කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *