රට පාලනය කරන්නේ පවුලක්! වහාම මැතිවරණය ඕන! – අනුර

June 10, 2020 at 5:39 pm | by emanisa.lk

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ ඇමති චමල් රාජපක්ෂ සහ ජනාධිපති කාර්ය සාධක බලකායන්හි ප්‍රධානියා ලෙස බැසිල් රාජපක්ෂ විසින් මේ වන විට රට පාලනය කරමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මෙයි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයකට හෝ ජනතා පරමාධිපත්‍ය බලයකට යටත් පාලනයක් නොවන බවද එම පක්ෂයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

එහෙයින් නව පාර්ලිමේන්තුව කැඳවීම සඳහා වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව ද ඔහු සඳහන් කරයි.

එහිදී ජනතාවගේ මෙන්ම මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වන රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු විය යුතු බවත් සියලු දේශපාලන පක්ෂවලට නිදහසේ සිය ප්‍රචාරණ කටයුතු සිදුකළ හැකි වාතාවරණයක් නිර්මාණය විය යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස