රට පුරා දැඩි පොහොර හිඟයක් පවතින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පවසයි.
සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය අවස්ථාවේ ගොඩ මඩ පොහොර නොමිලේ ලබා දීමට පොරොන්දු වූ බව ද හෙතෙම පැවසීය.
ඔහුගේ උපදෙස් මත ජනාධිපතිවරණයට මාසයකට පෙර රුසියාවට ගොස් පොහොර ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කළ බවත් වර්තමාන ආණ්ඩුවට එවැනි වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.