රජරට වකුගඩු රෝග නිවාරණ සටනේ නියමුවා මහැදුරු චන්න පොහොට්ටුවෙන් මැතිවරණයට!

January 1, 2020 at 9:55 am | by emanisa.lk

නිරන්තරයෙන්ම ජන ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වී කටයුතු කරන රජරට වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන ඉදිරි මැතිවරණයේදී පොදු පෙරමුණෙන් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට තරග කරයි.

2002 පටන් රජරට පුරා ඇවිදිමින් රජරටම වෙළාගත් කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳ විවිධ පර්යේෂණ පවත්වමින් ඊට බලපා ඇති හේතු සාධක සොයා ගත් නමුත් රට පුරා පැතිරෙමින් පවත්නා වකුගඩු වසංගය නිෂේධනය කිරීමට තමන්ට නිල වශයෙන් ශක්‌තියක්‌ ලබා ගැනීම පිණිස මැතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි මහාචාර්යවරයා සඳහන් කරයි.

කෘෂි කාර්මික වකුගඩු රෝගය මේ රටින් අතුගා දැමීම සඳහා තමන් දිවිහිමියෙන් සටන් කරන්නේ යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස