යාපනේ වෙනම දෙමළ රටක්! සිංහල බෞද්ධ චිත්‍ර අඳින්න තහනම්! – දෙමළ සන්ධානයෙන් විරෝධය….

December 22, 2019 at 2:03 pm | by emanisa.lk

යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක චිත්‍ර නිර්මාණය කිරීමෙන් පසුව එම ස්ථානයේ ප්‍රතිමා තුනක් ස්ථාපිත කිරීමට යාමත් සමගම ඊයේ (21) එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබිණි.

මෙම ස්ථානයට ගිය දෙමළ ජාතික සන්ධානයේ සහ තවත් දෙමළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පවසා ඇත්තේ එම ස්ථානයේ තබන්නට යන ප්‍රතිමා සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා නිසා වහාම මේ ප්‍රතිමා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසයි.

දෙමළ දේශපාලනඥයින් හා චිත්‍ර ඇදීමේ නිරත පිරිස අතර දැඩි වචන හුවමාරුවක් ද සිදු වී ඇති අතර දේශපාලනඥයින් පවසා ඇත්තේ මේ ක්‍රියාවට ඉඩ ලබා දිය නොහැකි බවය.

යාපනයේ තරුණ තරුණියන් ද බොහෝ ස්ථානවල අලංකාර චිත්‍ර අඳිමින් නගරය ලස්සන කළ අවස්ථාවේදී ඒ පිළිබඳව දැඩි සතුටට පත් වූවත් මේ ආකාරයේ සිංහල බෞද්ධ ඉතිහාස කතා යාපනය නගරයේ නිරූපණය කිරීම පිළිබඳ සතුටට පත්වීම හෝ ඊට ඉඩදීම කළ නොහැකි ක්‍රියාවක් බව යාපනයේ දේශපාලනඥයින් පිරිස ප්‍රකාශ කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස