කඩුකාරයෝ අල්ලද්දී සමහරු මට බනිනවා! මම මත් ද්‍රව්‍ය ජවාරම් කරලා නිදන් කඩලා නෑ! – රංගෙබණ්ඩාර

September 14, 2019 at 3:06 pm | by emanisa.lk

කේරළ ගංජා, කුඩු, මත්පෙති ජාවාරම්වලට හෝ නිදන් කැඩීමට තමා සම්බන්ධ වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර පවසයි.

කුඩුකාරයකු අත්අඩංගුවට ගත් විට එය කළේ තමා යැයි සමහරු තමාට චෝදනා කරන බවත් තමන්ට හැකියාවක් තිබේ නම් එවැනි අපරාධකරුවන් අල්ලා දීමට නොපසුබට වන බවත් ඔහු පැවසීය.

සියලු කසිප්පුකාරයින් අත්අඩංගුවට ගන්නා ලෙස විරඹුගෙදර පොලිස් ස්ථානාධිපතිවරයාට තමා දැනුම් දුන් බවත් තමා පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස වීරඹුගෙදර පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරන සමයේ කසිප්පු ජාවාරම්කරුවන්ට පමණක් නොව කසිප්පු පානය කර සිටින අය පවා අල්ලා නඩු දැමූ බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව