මැතිවරණ පැවැත්වීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා! සජිත් පිලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

May 1, 2020 at 4:59 pm | by emanisa.lk

ජූනි මස 20 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ හිටපු ආණ්ඩුකාරයෙකු හා සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකුද වන මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයා වන චරිත මෛත්‍රී ගුණරත්න විසිනි.

මැතිවරණ කොමිෂන් සභාව, එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයන්, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ජූනි මස 20 වන දින පැවැත්වීමට නම් කර ඇති මැතිවරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවද පෙත්සම්කරු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.

පැමිණිල්ල සලකා බලමින් මැතිවරණය පැවැත්වීම අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙසද ඔහුගේ පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස