මාළු අලෙවිය 05% දක්වා පහත වැටෙයි! කිලෝ ලක්ෂ හයක් කරවලවලට විකුණයි!

November 3, 2020 at 3:55 pm | by emanisa.lk

බේරුවල ධීවර වරායට ඉකුත් දින 7 තුළ යාත්‍රා මගින් රැගෙන ආ මාළු කිලෝ 6 ලක්ෂයක් මීගමුවේ දී කරවල වෙළඳුන් සඳහා අලෙවි කළ බව ධීවර වරාය නීතිගත සංස්ථාවේ වැඩ වැඩබලන සාමාන්‍යාධිකාරි ජනක මුදලිගේ පවසයි.

ඉකුත් මස 27 වැනි දින සිට ඊයේ 2 දින දක්වා යාත්‍රා 72 කින් කිලෝ 636 407 ක් මත්ස්‍ය තොග බේරුවල ධීවර වරාය වෙත ලැබී ඇතැයි ඔහු අනාවරණය කළේ ය.

පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳසැල සහ අනෙකුත් සියලු ම මාළු වෙළඳසැල් වසා තිබීම හේතුවෙන් මාළු තොගවලින් 95%ක් එලෙස කරවල සඳහා අලෙවි කළ බවත්, ඉතිරි 5% ධීවර සංස්ථාවට හා අනෙකුත් මාළු ව්‍යාපාරිකයින් සඳහා අලෙවි කළ බවත් හෙතෙම වැඩි දුරටත් පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස