ප්‍රභූ ආරක්ෂකයින්ටත් කොරෝනා! STF කඳවුරු තුනක් ලොක්ඩවුන්! මැති ඇමැතිවරු අනතුරේ!

October 26, 2020 at 8:40 am | by emanisa.lk

ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට කොරෝනා වෛරසය වැළඳී තිබේ.

ඒ හේතුවෙන් විශේෂ කාර්ය බළකා කඳවුරු තුනක් වසා දැමීමට කටයුතු කර තිබේ.

දැනට සෙබළුන් එකොළොස් දෙනකු ආසාධිතයන් බවට පත්ව ඇත.

ඒ හේතුවෙන් රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරු හුදෙකලා කර ඇත.

ඔවුන්ට වෛරසය වැළඳී ඇතැයි සැක කරන්නේ මුළුතැන්ගෙය සඳහා මාළු ලබාගැනීමට පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ගිය අවස්ථාවෙි ය.

මේ සමගම ප‍්‍රභූ ආරක්‍ෂාව සදහා සෙබළුන් යෙදවීම ගැන නැවත සාකච්චා කරමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස