මාළු වෙළෙන්දෙකුගේ පවුලට ම කොරෝනා! රත්නපුරේ ගම් පහක් ලොක්ඩවුන්!

October 26, 2020 at 2:09 pm | by emanisa.lk

රත්නපුර මල්වල ඇඹුල්දෙනිය ප්‍රදේශයේ මාලු වෙළෙන්දාගේ පවුලේ තිදෙනෙකුට ද කොරෝනා ආසාදිත බවට තහවුරුවිමෙන් පසු එම ප්‍රදේශයේ ගම්මාන කිපයක් හුදෙකලා කිරීමට රත්නපුර සෞඛ්‍ය බලධාරීන් සහ ඉහළ රාජ්‍ය බලධාරීන් තීරණය කළේය.

ඒ අනුව අද (26) සිට එම ගම්මානවල සංවරණ සිමාවන් පනවා තිබේ. මල්වල ඕලුගල හංදියේ සිට මාර්ගය, කනේගල්ල කුරුවිට මාර්ගය, රත්තුරුගල මාර්ගය තාවකාලිකව වසා දමා ඇතැයි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කිවේය.

එගොඩ සිරිපාගම, උතුරු ගිලිමලේ, දකුණු ගිලිමලේ, කැටවල, මාපලාන ගම් හුදෙකලා කිරිමට ද තීරණය කර තිබේ.

ඊයේ (25) දිනය තුළ ලද පි.සි ආර් පරීක්ෂණ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සිව් දෙදෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වි තිබේ.

මල්වල මාලු වෙළෙන්දාගේ බිරිඳ දරුවන් දෙදෙනා හැරුණු විට ඇහැළියගොඩ ප්‍රාදේශයේ එක් අයෙක් ආසාදිත බවට තහවුරු වි ඇතැයි සබරගමු සෞඛ්‍ය බලධාරීන් පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස