ලංකාවේ පැතිරෙන්නේ ඉන්දීය කොරෝනා නෙමෙයි! බ්‍රැන්ඩික්ස් සියලු චෝදනාවලින් නිදහස්?

November 1, 2020 at 10:25 pm | by emanisa.lk

මේ වන විට බ්‍රැන්ඩික්ස් ආයතනය, පෑළියගොඩ මාළු වෙළෙඳපොළ සහ කොළඹ මහ නගර සභාව ඔස්සේ ඇති වූ කොරෝනා පොකුරුවල පැතිරෙන කොරෝනා කාණ්ඩය සමාන වන්නේ යුරෝපයේ පැතිරෙන කොරෝනා කාණ්ඩයට බව ආසාත්මිකතා, ප්‍රතිජීවික විද්‍යා සහ සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මෙම පොකුරුවලින් ලබාගත් සාම්පල් 15ක් අතරින් 12ක් ම එක ම කාණ්ඩයක ලක්ෂණ පෙන්නුම් කරන බවත් එය ඩෙන්මාර්කය සහ ස්වීඩනය ආශ්‍රිතව දැකිය හැකි බවත් ඔහු අවධාරණය කරයි.

මෙම කොරෝනා කාණ්ඩය ඉන්දියාවේ පැතිරෙන කොරෝනා කාණ්ඩයට නොවව බව ද ඔහු අවධාරණය කරයි.

පසුගිය සමයේ බුද්ධි අංශ වාර්තා කර තිබුණේ මෙම කොරෝනා පොකුර මෙරට නිරෝධායනය වූ යුක්‍රේන ගුවන් නියමු පිරිසකගෙන් රටට පැතිරුණු බවට අනුමාන කළ හැකි බව ය. එහෙත් යුක්‍රේන සාම්පල් තමා සතුව නොමැති බවත් එය තිබිණි නම් මෙය යුක්‍රේන කාණ්ඩය දැයි නිවැරදිව තහවුරු කරගත හැකිව පැවති බව ද ආචාර්ය ජීවන්දර වැඩි දුරටත් පවසයි.

කෙසේ වුවද මෙම අනාවරණය සමග ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයින්ගෙන් මෙම කොරෝනා රැල්ල නිර්මාණය වූ බවට පසුගිය සමයේ සිදුකළ චෝදනා බෙහෙවින් අභියෝගයට ලක්වෙයි.

දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ආචාර්ය චන්දිම ජීවන්දර මෙම අනාවරණය සිදු කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස