මාව අත්අඩංගුවට ගන්න ඉඩදෙන්න එපා! – රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණෙට..

April 29, 2020 at 7:43 pm | by emanisa.lk

තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණෙට ගොස් තිබේ.

මෑතක දී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට ඔහුගේ සොහොයුරා ද නීතීඥයා ද අත්අඩංගුවට පත් විය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මන්නාරමේ පදිංචි ජනතාව ඡන්දය ලබාදීම සඳහා ලංගම බස් යොදා ගෙන පුත්තලමට රැගෙනවිත් රජයට රු. ලක්ෂ 95ක පාඩුවක් සිදුකළ බවට වන පැමිණිල්ලක් පිළිබඳව ද මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේ වුවද පසුගිය ආණ්ඩුව සමයේ එවක විපක්ෂයට සහ එවක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පදනම් විරහිත චෝදනා මත නඩු පවරන විට එම කණ්ඩායම ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරයට ගිය විට මෙම පිරිස සඳහන් කළේ වරදක් නොකළේ නම් බියවිය යුතු නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණෙට යා යුතු නැති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස