තහනම් නියෝගයක් එන්න කලින් රිෂාඩ් රටින් පනී!

January 4, 2020 at 9:54 pm | by emanisa.lk

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් හැකි ඉක්මනට විදෙස්ගත වීම් සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි.

ඔහු මේ වන විටත් මන්නාරම් දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සිය සමීප දේශපාලන සගයන්ට පවරමින් ඇත.

හිටපු ඇමතිවරයාට විදේශ ගත වීමට තහනමක් පැනවීමට ඉඩ ඇති නිසා ඊට පෙර විදේශ ගත වීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි සමීප ආරංචි මාර්ග කියයි.

පාස්කු ප්‍රහාරය, විල්පත්තු පරිවාර වනාන්තර විනාශය, මූල්‍ය වංචා චෝදනා ඇතුළු දරුණු චෝදනා ගණනාවක් ඔහුට එල්ල වී තිබේ.

දැනටමත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක් පැවැත්වෙමින් ඇති අතර එම චෝදනා අධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර මෙලෙස රටින් පළා යාමේ සූදානමක් ඇතැයි හෙළි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස