මාලිංගගේ අවසන් පන්දුව මුම්බායි ඉන්දියන්ස්ලාට IPL කිරුළ සිව්වන වරටත් පළඳවයි!

May 13, 2019 at 7:53 am | by admin

ලසිත් මාලිංගගේ සුපිරි අවසන් පන්දුවාරය හමුවේ සිව්වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට රෝහිත් ශර්මා මුම්බා නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමිනි.

මහේල ජයවර්ධන පුහුණුකාරිත්ව දැරූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවස්ථා 3 න් 2 කදී IPL ශූරතාව දිනා ගැනීම විශේෂත්වයකි.

හයිද්‍රබාදීහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 149 ක් රැස් කළේ ය.

ලකුණු 150 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 148 ක් පමණි.

අවසන් පන්දුවාරයේ දී චෙන්නායි කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 9ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරය යවනු ලැබුවේ ලසිත් මාලිංග විසිනි.

තරගයේ අවසන් පන්දුවට චෙන්නායි කණ්ඩායමට තරගය ජය ගැනීමට ලකුණු දෙකක් අවශ්‍ය වූ නමුත් එම පන්දුවේ දී ශර්දුල් තාකූර්ගේ කඩුල්ල දවා ගත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිව්වන වරටත් IPL ශූරතාව හිමි කර දීමට සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2013, 2015 සහ 2017 යන වසරවල දී ද IPL ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඒ අනුව මෙවර ලැබූ තරගාවලි ජයත් සමගින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වාර්තා අතරට එක් වූයේ වැඩිම වාර ගණනක් IPLශූ රතාව දිනා ගත් කණ්ඩායම වශයෙනි.

අවසන් තරගයේ වීරයා ලෙස ජෙස්ප්‍රිට් බුම්රා ද ඔන්ඩ්‍රේ රසල් තරගාවලියේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස