මුල්ම 20/20 ජය ද. අප්‍රිකාවට! දික්වැල්ලගේ අතින් ශ්‍රී ලංකා ජය ගිලිහී යයි! (video)

March 20, 2019 at 10:38 am | by admin

තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-20 තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි ඕවරය ජයගත්තේය.

දෙපිලේම ලකුණු (134) සමවීම හේතුවෙන් ලසිත් මාලිංග විසින් යවන ලද සුපිරි ඕවරයේදී ඩේවිඩ් මිලර් (13) සහ රාසි වැන්ඩසන් (1) එක්ව ලකුණු 14 ක් ලබාගත්හ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි තිසර පෙරේරා (02) සහ අවිශ්ක ප්‍රනාන්දුට (01) ඉම්රාන් තහීර් විසින් යවන ලද සුපිරි ඕවරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 03 ක් පමණි. අනෙක් ලකුණ වයිඩ් පන්දුවකින් ලැබිණ.

කෙසේ වුවද අවසාන පන්දු වාරයේ නිරෝෂන් දික්වැල්ල අතින් ඩේල් ස්ටේන් දුවද්දි දැවී යාමට පහසුවෙන් හසු කර ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී නොයන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට එහි ජය හිමි වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස