මහ බැංකු හොරු හයිවේ හොරු කොවිඩ් අරමුදල ගැන අහනවා! ජනපති අගමැති මිස සජිත්ලා ඒ අරමුදලට සතයක් දුන්නේ නෑ! – ඩිලාන්

November 6, 2020 at 9:32 am | by emanisa.lk

ජනාධිපති පුටුව රැක ගැනීමට කන්‍යාවියන් ලවා කිරි කළවලින් නෑ රාජ්‍ය නායකයන්ගේ පුතාලා අද රටේ ආගමික විශ්වාසයන්ට හිනාවීම විහිළුවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

“රට තුළ පවතින කොවිඩ් -19 හේතුවෙන් මේ මාධ්‍ය සාකච්ඡාවට අපි මාධ්‍යවේදීන් කැදෙව්වේ නැහැ. නලින් බණ්ඩාර බරපතළ ප්‍රකාශයක් කොවිඩ් අරමුදල ගැන කියා තිබුණා. ලෝක බැංකුව දුන් මුදල් කෝ කියා ඔහු අසා තිබුණා.

මේක මහ බැංකුව කොල්ල කෑ ආණ්ඩුව‍ නොවෙයි. ඔවුන් ආරක්ෂා කළ ආණ්ඩුවත් නොවෙයි. මධ්‍යම අධීවේගී මාර්ගය කොල්ල කෑ හෝ කසිප්පු ජාවාරම්කරුවන් නීති විරෝධී ක්‍රියා සිදු කරන්නන් ආරක්ෂා කළ ආණ්ඩුවක් නොවෙයි. මහ බැංකුවේ මංකොල්ලකරුවන් සහ මහජන මුදල් කබාසීනියා කළ අයව නිතිය ඉදිරියට ගේන ආණ්ඩුවක්.

කොවිඩ් අරමුදල් මාර්තු 20 වැනි දා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ ඇති කළා. මේ අරමුදලට ජනාධිපති අරමුදලින් මිලියන 100ක් දුන්නා. 2020-10-29 වන විට මෙහි ශේෂය මිලියන 1675යි. මහ බැංකු අධිපති සහ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 17න් යුත් කමිටුවක් මේ අරමුදල පාලනය කරනවා. මේ අරමුදලෙන් සිදු කරන වියදම් සඳහා යෝජනා මේ කමිටුව තමයි සම්මත කරන්නේ. මෙය රාජයේ විගණකාධිපතිවරයාගේ විගණනයට මෙය යටත්.

විවිධ රාජ්‍යයන්ගෙන් දෙන ණය ආධාර කිසිදු ණයක් මේ අරමුදලට ලැබෙන්නේ නැහැ. ඒවා යන්නේ මහ බැංකුවට. මේ සඳහා ජාත්‍යන්තර මට්ටමේ නීතියක් තිබෙනවා. ඒවා ගැනවත් සජිත් ප්‍රේමදාසගේ ගෝලයෝ දන්නේ නැහැ. මේ අරමුදලින් පීසීආර් පරීක්ෂණ සඳහා මිලියන 100ක්, ජනතාව දැනුවත් කිරිමට මිලියන 100ක් වියදම් කර තිබෙනවා.

නිරෝධායන මධ්‍යස්ථාන ආණ්ඩුවෙන් පවත්වා ගෙන යන ලෝකයේ එකම රට ලංකාවයි. ලෝකයේ හැම රටකම නිරෝධායනය වෙනවා නම් හෝටල්වලට මුදල් ගෙවන්න ඕනෑ. නැත්නම් තනියම නිවෙස්වල නිරෝධායනය වෙන්න ඕනෑ.

නිරෝධායනය සඳහා රුපියල් මිලියන 86ක්, මඩකලපුව රෝහලේ රසායනගාරය ස්ථාපිත කරන්න මිලියන 100ක්, නැනෝ තාක්ෂණයෙන් රැපිඩ් ටෙස්ට් කිට් එක නිපදවන්න මිලියන 3.5ක් වියදම් කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ තෙමසක වැටුප් දීමනාව දී තිබෙනවා. අගමැතිතුමා මුදල් දී තිබෙනවා. මේ විවේචන කරන විපක්ෂ නායකතුමා ඇතුළු කිසිවෙක් මේ අරමුදලට කිසිම මුදලක් දී නැහැ.

සජිත් ප්‍රේමදාස මහතා කියා තිබුණා ගංගාවල කළ මුදා හැරිම වෙනුවට පරීක්ෂණ වැඩි කරන්න කියා තිබෙනවා. මේ ආණ්ඩුව මේ සියලු දේ සිදු කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි රෝග ලක්ෂණ නැති අතර මැදියන් වෙනම රෝහල් ස්ථාපිත කර තිබෙනවා. කොවිඩ් මැඩ පවත්වන්න වෙන කිසිදෙයක් කරන්නේ නැහැ. රතන සූත්‍රය දේශනා කිරීමෙන් අපිට පිහිටක් තිබෙනවා කියා විශ්වාස කරනවා. මේවාට සමහර පිටරටවල අය හිනා වුණා.

මේකට සංජිත් ප්‍රේමදාස මහතාත් අත්වැල් බැඳගෙන හිනා වුණා. කවුරු හිනා වුණත් මේ රටේ ගුප්ත විද්‍යාවට හිනා වෙන්න සජිත් ප්‍රේමදාසට අයිතියක් නැහැ. කොවිඩ් මැඩ පවත්වන්න නොවෙයි ජනාධිපති පුටුව ආරක්ෂා කරන්න කන්‍යාවන් විසි ගානක් කිරිවලින් නෑව්වා කියා ඇතැම් රාජ්‍ය නායකයන් ප්‍රසිද්ධ වුණා. තමන්ට එරෙහිව දෝෂාභීයෝගයක් ආවාහම පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රි ආසනයකම උරු තෙල් ගාන්න වැඩ කළේ මොන රාජ්‍ය නායකයාද? ගුප්ත විද්‍යාවේ කෙළ පැමිණිලා බුදු දහමටත් අපහාස කළ බවට මොන රාජ්‍ය නායකයා ද ප්‍රසිද්ධ වුණේ. ඒ රාජ්‍ය නායකයාගේ පුතා පන්සල්වලට පැනලා බුදු පිළිම කඩලා ඇතුළේ තිබුණු නිදන් හොරකම් කළේ මොන රාජ්‍ය නායකයාගේ කාලේ ද?

සජිත් ප්‍රේමදාස මහතා ඡන්දේ ඉල්ලන අවස්ථාවේම ඒ මහතාගේ බිරිය කිව්වේ ආර්යාව කියලා. සජිත් ප්‍රේමදාස මහතාගේ මවගේ ජනාධිපති ආර්යාවගේ පින්තූරයක් ගත්ත දිවයින ඡායාරූප ශිල්පියෙක් හදිසි අනතුරකින් මිය ගියා. මියගිය එක නොවෙයි ප්‍රශ්නය. ඒ කැමරාවේ තිබුණු රාජ්‍ය නායකයාගේ ආර්යාවගේ පින්තූර අතුරුදහන් වූ එකයි. හැප්පෙන්නේ ඡායාරූප ශිල්පියා. ඔහු මිය යනවා. රෝල් එක අතුරුදහන් වෙනවා. ඒ වගේ ගුප්ත වැඩ නම් සිදු වුණා.

අපිට සරම්ප, පැපොල රෝග හැදුණාම ගේ ඉදිරිපිට කොල එල්ලනවා. එන්න එපා කියලා. එක එක රටවල ආගමික් විශ්වාස තිබෙනවා. සමහර දේවලින් අපේ ප්‍රතිශක්තිකරණ ඇති කරන්න පුළුවන් කියා අපි දන්නවා. අපි කොත්තමල්ලී බොනවා. විවිධ පුද්ගලයන් විවධ විශ්වාස මත සිදු කරනවා. ඒවා ආණ්ඩුවේ ප්‍රතිපත්ති නොවෙයි. ඒවා සිදු ක‍රන්නේ කොවිඩ් වසංගතයෙන් රට ජනතාව බේර ගන්න. ආගම්වලට විරුද්ධව තමන්ගේ පුටුව බේරා ගන්නයි කතා කරන්නේ. ජනතාව බේරා ගන්න නොවෙයි හිටපු රාජ්‍ය නායකයාගේ පුතා කතා කරන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස