නිදහස් චතුරස්‍රයේ සිදුව ඇත්තේ සියදිවි නසාගැනීමක්! මරණකරු වෙඩි ගැනීමට පෙර ලිපියක් ලියලා! ලිපිය මෙන්න…

June 12, 2020 at 2:00 pm | by emanisa.lk

කොළඹ නිදහස් චතුරශ්‍රය අසල වෙඩි වැදී මිය ගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාව පොලිසිය විසින් හෙළිකර ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පොලිස් උද්‍යානය, මිලාගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මළ සිරුර අසල තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබේ.

ඔහු ව්‍යාපාරිකයෙක් වන බව පොලිසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා අසනීපයකින් පෙළෙන බැවින් තමන් සියදිවි හානිකර ගන්නා බව පවසමින් ලියු ලිපියක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.

ඔහුුු කොවිඩ් අරමුදලට ද රු. ලක්ෂ 5ක් පරිත්‍යාග කර ඇති අතර සිය මරණය සමග දේශපාලන පටලවා නොගන්නා මෙන් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය ඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස