ඇමති මණ්ඩලයේ මසක වැටුප කොවිඩ් අරමුදලට! මහින්දගේ යෝජනාව මහින්ද ස්ථිර කරයි!

April 24, 2020 at 12:17 am | by emanisa.lk

කොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ එක් මසක වැටුප පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය එකඟත්වය පළ කර තිබේ.

අද(23) දිනයේ දී තමන් විසින් කළ මෙම යෝජනාවට අගමැතිවරයා විසින් සිය එකඟත්වය පළ කළ බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛනිජ තෙල් බෙදා හැරීමේ පර්යන්තයේ සේවක මණ්ඩලවල එක් දිනක වැටුප වශයෙන් රුපියල් ලක්ෂ 142 කට ආසන්න මුදලක් කොවිඩ් 19 අරමුදල වෙත පරිත්‍යාග කර ඇත.

එම අවස්ථාවේ දී අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස