හමුදාවට කොරෝනා හැදුණ එකට වගකියන්න ඕන ජනපති සහ අගමැතියි! – පාඨලී

May 4, 2020 at 7:29 am | by emanisa.lk

කොරෝනා අරමුදල විධිමත් කිරීම අත්‍යාවශ්‍ය වී ඇති අතර මේ වන විටත් ආණ්ඩුව ගේම් ගැසීම ආරම්භ කර තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

දැවැන්ත මූල්‍ය අර්බුදයක් තිබියදී හදිසියේ අධිවේගී මාර්ග ගණනාවක් සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන ඇති බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කොවිඩ් 19 හේතුවෙන් අසරණ වී සිටින පුද්ගලයින්ට රු.5000 බැගින් දීමට රු.කෝටි 850ක් වියදම් කරන අතරතුර එම මුදල මෙන් හතර ගුණයක් හදිසියේ අධිවේගී මාර්ග සඳහා ලබා දීමට අනුමැතිය දී තිබෙන බව හෙතෙම පෙන්වා දෙයි.

වෙනත් රටවල සෞඛ්‍ය අංශවලට කොරෝනා වැළඳෙන විට ලංකාවේ හමුදාවට කොරෝනා වැළඳී ඇති බවත් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඒ පිළිබඳ දැනුම නැති හමුදාව යෙදවීම ඊට හේතුව බවත් සඳහන් කළ හිටපු ඇමතිවරයා මෙහි වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා භාරගත යුතු බව කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස