අසූ හතර හැවිරිදි ගුරු මවගෙන් ජනපති කොවිඩ් අරමුදලට ලක්ෂ 02ක්!

July 6, 2020 at 11:10 pm | by emanisa.lk

පුත්තලම, කාක්කා පල්ලිය, මනක්කුලම පදිංචි 84 හැවිරිදි එම්.ඒ.එච්.පී මාරසිංහ විශ්‍රාමික ගුරුවරියක් රුපියල් ලක්ෂ 02ක මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණු මහ මැතිවරණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවේ නිරත විය.

ඒ අතරතුර මාදප්පේ තනිවැල්ලේ ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත එම මුදල් පරිත්‍යාගය භාර දෙනු ලැබිණි.

ජනාධිපතිතුමනි,

“නීතිය, යුක්තිය, ධර්මය රකින රජයක් – ස්වංයපෝෂිත රටක් අපට දෙන්න”

රුපියල් පන්දහසේ නෝට්ටුවලින් සමන්විත රුපියල් ලක්ෂ 02ක මුදල ඔතා දුන් කොළයේ අදාළ ගුරුවරිය සටහන් කර තිබිණ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස