ජනපති අපේක්ෂකත්වය මෛත්‍රීට ලැබිය යුතුයි! අපේ ආරක්ෂාව තියෙන්නෙත් එතුමා අතේ! නැත්නම් ගෙදර යනවා!

January 26, 2019 at 12:09 pm | by admin

එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනපති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි විය යුතු බවත් නො එසේ නම් තමා දේශපාලනයෙන් සමු ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසයි.

තමන්ට පොහොට්ටුව සමග දේශපාලනය කළ නොහැකි බවත් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව නොලැබුණහොත් තමන්ට ආරක්ෂාවක් නොමැති බවත් පවසන මන්ත්‍රීවරයා 2015 තමන් පරාජය වූවා නොව පරාජය කරවූයේ යැයි ද චෝදනා කරයි.

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට ජනපති අපේක්ෂකත්වය දීමට අකමැතිවීම පිළිබඳව කනගාටු වන බවත් එතුමා ‍පොහොට්ටුවට ගිය මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා කිරීමට පවා ගනු ලැබූ තීරණය පිළිබඳව ‍පොහොට්ටුවේ මන්ත්‍රීවරු සාධාරණව සිතා බැලිය යුතු බව ද පවසයි.

මහින්ද අගමැති කරන විට 113 තිබුණු බවත් පසුව එය අහිමි වූ බවත් පවසන මන්ත්‍රීවරයා ජනාධිපතිතුමා සමග සිටින මන්ත්‍රීවරු ලෙස සිය ආරක්ෂාවත් රැඳී පවතින්නේ එතුමා ආරක්ෂා වුණොත් පමණක් යැයි ද ලක්බිම පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස