මහේෂ්ට සහ පල්ලෙවත්තට ජනපති ධුරය එපාවෙයි! අනුර ජනපති කරන්න සාකච්ඡා අරඹයි!

October 20, 2019 at 6:34 am | by emanisa.lk

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහයෝගය දැක්වීමට තවත් අපේක්ෂකයන් දෙදෙනකු වන හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සහ ආචාර්ය රොහාන් පල්ලේවත්‍ත සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මහේෂ් සේනානායකගේ පක්ෂයේ සමාජිකයන් සහ රොහාන් පල්ලේවත්තගේ පක්ෂයේ සාමාජිකයන් අතර මේ පිළිබඳව සාකච්ඡා සිදුකර ඇති අතර ඉදිරි දිනකදී ජාතික ජන බලවේගයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. එකී සාකච්ඡාවේදී අදාළ පාර්ශව සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසුව අවසන් තීරණයකට එළඹෙන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා සඳහන් කළේ නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයන්ගේ නම් ඡන්ද පත්‍රිකාවට ඇතුළත් කර ඇති බැවින් ඔවුන් තරගයෙන් ඉවත්වූවා යැයි කියා එම නම් පත්‍රිකාවෙන් ඉවත් කළ නොහැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස