රාජපක්ෂලා රට හැදුවා නම් අවුරුදු පහකින් විනාශ වෙන්නේ නෑ! අවුරුදු තුනකට කලින් ජනපති සටනට එන බව කී මට ගෝඨා අභියෝගයක් නෙමේ! – රොහාන් පල්ලවෙත්ත

August 15, 2019 at 1:13 pm | by emanisa.lk

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂගේ ආගමනය තමන්ට කිසිදු අභියෝගයක් නොවන බව ආචාර්ය රොහාන් පල්ලෙවත්ත අවධාරණය කරයි.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ප්‍රකාශ කරන පළමු පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ නොවන අතර මීට වසර තුනකට පමණ පෙර මෙම අපේක්ෂකත්වය ගැන මුලින්ම ප්‍රකාශ කළේ තමන් බවත් මෙතෙක් එහි වෙනසක් සිදුව නොමැති බවත් හෙතෙම සඳහන් කරයි.

විශේෂයෙන් තමන් අභියෝග කරමින් සිටින්නේ රට වෙනුවෙන් වූ විකල්පයක අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රධාන කඳවුරු දෙකට බව ඔහු කියා සිටියි.

එම පසුබිම මත පැමිණෙන අපේක්ෂකයා ගැටළුවක් නොවන අතර තමන් උත්සහ කරන්නේ රටට ආදරය කරන මිනිසුන් එක් තැනකට ගොණු කිරීම බව හෙතෙම ප්‍රකාශ කරයි.

රාජපක්ෂ ආණ්ඩුව නිසි ක්‍රමවේදයක් සකසා තිබුණේ නම් අවුරුදු පහකින් රට බිඳ නොවැටෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස