රට තුළ පවතින තත්ත්වය පදනම් කරගෙන ජනතා පැමිණිළි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගෙන ඇත.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඒ සඳහා ජනතාවට දුරකතන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබේ.
රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් මෙන්ම කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳව ද එම අංක ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කළ හැකිය.