විශේෂඥ කමිටුව ඇමති මලික්ගේ කලිසම බිමටම ගලවයි! වහා ඉල්ලා අස්වනු!

February 6, 2019 at 11:49 am | by admin

නීති විරෝධි ලෙස සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට එළඹුණු අමාත්‍ය මලික් සමරවික්‍රම වහාම ඉල්ලා අස්විය යුතු බවත් නැතහොත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවත් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය පවසයි.

එම සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මෙම අදහස් පළ කළේය.
“මෙම ගිවිසුම නීති විරෝධි ගිවිසුමක් බව ඒ පිළිබඳ විමර්ශණයක් කිරීමට පත් කළ විශේෂඥ කමිටුව දක්වලා තියෙනවා. ඇමතිවරයා මේ සඳහා නිසි ලෙස පාර්ලිමේන්තු අවසරය ගත්තේ නෑ. මහ බැංකු නිර්දේශ සැලකිල්ලට ගත්තේ නෑ. මේ ගිවිසුම පිළිබඳ සිංගප්පූරුව සමග සාකච්ඡා කළ පිරිසට ඒ සඳහා කිසිඳු බලයක් නෑ. විශේෂඥ කමිටුව මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ කලිසම බිමට ගලවලා. දැන් වහාම එතුමා ඉල්ලා අස්විය යුතුයි. ඉල්ලා අස්වන්නේ නැත්නම් විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *