ජනපති නැවතත් කඩුව වනයි! සිංගප්පූරු ගිවිසුම සංශෝදනයට සූදානම්!

January 26, 2019 at 12:35 am | by admin

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස්‌ වෙළෙඳ ගිවිසුම සඳහා අවශ්‍ය සංශෝධන කිහිපයක්‌ සිදු කිරීමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25දා) සිංගප්පූරු අගමැති ලී සියෑන් ලුන්ග් මහතා හමු වී කළ සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

ගිවිසුම සකස්‌ කිරීමේදී ශ්‍රී ලංකා පාර්ශවයෙන් අඩුපාඩු කිහිපයක්‌ සිදුව තිබෙන බවද ඒ සඳහා මෙම සංශෝධන සිදු කළ යුතුව ඇති බවද එරට අගමැතිවරයාට එහිදී ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

සංචාරක හා කර්මාන්ත ක්‍ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳවද මෙහිදී දෙපාර්ශවය අතර සාකච්ඡාවට ලක්‌ ව ඇත.

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්‌ සිංගප්පූරුවේ විවිධ ක්‍ෂේත්‍රවල රැකියාවල නියුතුව සිටින අතර ඔවුන්ගේ සහ එරට උසස්‌ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ ප්‍රකාශයන් වෙනුවෙන් සිංගප්පූරු රජය දක්‌වන සහාය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී සිංගප්පූරු අගමැතිවරයා වෙත සිය ස්‌තූතිය පළ කළේය.

මෙම ගිවිසුම මලික් සමරවික්‍රම අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස අත්සන් කළ බවට ද එමගින් ශ්‍රී ලංකාවට අති විශාල පාඩුවක් සිදු වන බවට ද චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස