බහුතරය එරෙහි වෙද්දි එජාප අලුත් පෙරමුණේ ව්‍යවස්ථාවට පක්ෂ වූ මන්ත්‍රීවරු 13දෙනා මෙන්න!

August 2, 2019 at 8:43 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එජාපය ප්‍රමුඛ පක්ෂ ගොඩනැඟීමට සූදානම් වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් අකමැති වුවද පිරිසක් පක්ෂ වී ඇතැයි වාර්තා වෙයි.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 දෙනෙකි. ඒ රවී කරුණානායක, නවින් දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, සාගල රත්නායක, අඛිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, සරත් ෆොන්සේකා, තිලක් මාරපන, සිරිනාල් ද මැල්, කේ.කේ. පියදාස, ස්වාමිනාදන් හා කාවින්ද ජයවර්ධනය.

ඊට අමතරව එජාප නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් කරන ලද නිශ්ශංක නානායක්කාර, ලසන්ත ගුණවර්ධන, මහින්ද හාරදාස්, ජෙයරාජ් චන්ද්‍රෙස්කර, ෂර්මාල් සෙනරත්, සුනේත්‍රා රණසිංහ, නිලමේ තෙන්නකොන් සහ සුනිල් ද සිල්වා යන අට දෙනා ද ඊට සහය පලකරමින් අත් ඔසවා ඇත.

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සතු බලය නව පෙරමුණේ නායකත්ව මණ්ඩලයට ලබා දීම මොවුන් එකඟ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *