උපුල් ජයසූරියලගේ නිවසේ දී ස්වාධීන ව්‍යවස්ථාදායක සභාව ඊළඟ අගවිනිසුරු තීරණය කරයි!

March 12, 2019 at 9:51 am | by admin

හිටපු ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරියගෙ නිවසේ ඊයේ (11) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වී තිබේ. ඒ ව්‍යවස්ථාදායක සභාව විසින් මීළඟට තීරණය කළයුතු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර තණතුරට පත්කරනු ලබන්නා පිළිබඳව ය.

පැය දෙකකට වැඩි කාලයක් පුරා පැවැති මෙම සාකච්ඡාවේදි තීරණය කොට ඇත්තේ වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දී පුරප්පාඩු වන ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චයකාර තණතුරට පත් කිරීමටයි. තව දින කීපයකින් වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම යාමට නියමිතය.

මෙම රහසිගත සාකච්ඡාවට සහභාගි වී සිටි පුද්ගලයන් අතර ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය ද විය. ඊට අමතරව අමාත්‍ය මලික් සමරවික්‍රම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මලල්ගොඩ, නීතිපති ජයන්ත ජයසූරිය, නීතිඥ වැලිඅමුණ හා නීතිඥ උපුල් ජයසූරිය සහභාගි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස