මම පොළොන්නරු ජනතා මනාපයෙන් පාර්ලිමේන්තු එනවා! ජනපති ගෝඨාට 2/3ක බලයක් ලබා දෙනවා! – මෛත්‍රී

December 28, 2019 at 9:07 pm | by emanisa.lk

ඉදිරි මහා මැතිවරණය සඳහා තමන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සති අන්න ලංකාදීප පුවත්පත (28) සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

තමන් තරග වදින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන නව පුළුල් සන්ධානය යටතේ බව ද ඔහු සඳහන් කර ඇත.

පිනට පාර්ලිමේන්තු යාමට තමන් කැමති නැති බව පවසා ඇති හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට එන බවට කියයි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් ඉතා හොඳින් රට පාලනය වන බව පවසන හෙතෙම මීළඟ මහ මැතිවරණයේදී ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් 2/3ක බහුතර බලයක් ලබා ගැනීමට කැපවෙන බව ද අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස