මම පැන්ෂන් යන හැදුවේ! ඒත් ජනතාව එන්න කියනවා! – මෛත්‍රී

January 29, 2020 at 8:09 pm | by emanisa.lk

අලුත් ආණ්ඩු ශක්තිමත් කරමින් රට තුළ ඇති ප්‍රශ්න විසඳා ගැනීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව එක්ව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෛතීපාල  සිරිසේන මෙසේ පැවසීය.

“අපි බැනගෙන, භේදවෙලා හරියන්නේ නෑ. අපි පක්ෂ භේදයෙන් පක්ෂය ගැන කථාකරලා හරියන්නේ නෑ. ප්‍රශ්නය පක්ෂය නෙමෙයි ප්‍රශ්නය රට. එය පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. පක්ෂය නෙමෙයි ප්‍රශ්නය රට සහ රටේ මිනිස්සු ඒ ප්‍රශ්නය කොහොමද විසඳගන්නේ?

රටට ආදරේ නම් මිනිස්සුන්ට ආදරේ නම් වාචාල කථා නොකියා හැමදෙනාම එකතුවී සහෝදරත්වයෙන් සමගියෙන්  අලුත් අණ්ඩුව ශක්තිමත් කරගෙන මේ රටේ අද තියෙන ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්නට ඕනේ.

ඒ නිසායි මහ මැතිවරණයේදී අපි සියලු දෙනා එකට එකතුවෙලා වැඩකරන්නේ අපි එකට තරග කරන්නේ සන්ධානයක් ලෙස. අපි බලාපොරොත්තු රාශියක් රට වෙනුවෙන් තියනවා.

මම විශ්‍රාම අරගෙන ඉන්න හිටිය මගේ පාර්ලිමේන්තු කණ්ඩායම, ආසන සංවිධායකවරු 200කට වඩා රැස්වෙලා, පොළොන්නරුවේ නගරාධිපතිලා සභාපතිලා, අතුළු මේ සියලු දෙනා මගෙන් ඉල්ලුවේ පක්ෂයේ නායකයා විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියලා“

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස