මම ද්විත්ව පුරවැසි නීතියට එරෙහි වුණේ බැසිල් වෙනුවෙන්! – බදියුදීන්ගේ මන්ත්‍රී කියයි…

October 24, 2020 at 11:11 pm | by emanisa.lk

විසි වෙනි සංශෝධනයට එරෙහි වී ද්විත්ව පුරවැසි තහනම ඉවත් කිරීමට පක්ෂව තමා ඡන්දය ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රී ෆයිසාල් මුෂාරෆ් පවසයි.

බැසිල් රාජපක්ෂ යනු රාජපක්ෂ පවුලේ සිටින සියලු ජන කොටස් සමග සංහිඳියාවෙන් කටයුතු කරන පුද්ගලයකු බව මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පාර්ලිමේන්තු පැමිණීමෙන් කිසිවෙකුට හානියක් නොවන බව තමා සිතන බවත් එහෙයින් තමා ස්වාධීනව මෙම තීන්දුව ගත් බවත් හෙතෙම අවධාරණය කරයි.

ද්විත්ව පුරවැසි වගන්තිය සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලූ අවස්ථාවේ ආණ්ඩුවේ ඇතැම් කණ්ඩායම් එය එකතු වී එය පරාජය කළහොත් බැසිල් රාජපක්ෂට අහසුතාවක් ඇති වනු ඇතැයි සිතා සුළු ජනතාව වෙනුවෙන් තමා තීන්දුවක් ගත් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකත්වය දරන්නේ රිෂාඩ් බදියුදීන් ය.

https://www.facebook.com/watch/?v=992022131296105

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස