ද්විත්ව පුරවැසි නීතිය මහජන නියෝජිතයන්ට විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරීන්ටත් බලාත්මක කළ යුතුයි! – ගෙවිඳු

August 30, 2020 at 8:05 pm | by emanisa.lk

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බැසිල් රාජපක්ෂ ලබා දුන් ආදර්ශය අනුව මේ රටේ සියලු පුරවැසියන් කටයුතු කරන්නේ නම් මහජන නියෝජිතයන් සඳහා ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ විශේෂ නීති අවශ්‍ය නොවන බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

අද (30) කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

“බැසිල් රාජපක්ෂ මහත්තයාට නඩු පැවරුවේ ඔහු ඇමරිකාවේ ඉන්න කාලේ. නමුත් නඩු පැවරූ වහා ඔහු නීතියෙන් පළා නොයා ලංකාවට ඇවිත් ඒ නඩු කටයුතුවලට මුහුණ දීලා රිමාන්ඩ් භාරයට පත්වෙලා නොයෙකුත් දුෂ්කරතා විඳගෙන විශාල ආදර්ශයක් දුන්නා. ඒ ආදර්ශය අනුව නම් මේ රටේ මහජන නියෝජිතයන් වෙන රටක පුරවැසියන් නොවිය යුතුය කියලා වෙනම කිසිම නීති උවමනා නෑ.

නමුත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නඩු කටයුතුවලට මුහුණ නොදී රටෙන් පළා ගොස් ලබා දී ඇති ආදර්ශය අනුව නම් එය අනාගතයේ මහජන නියෝජිතයන් ද අනුගමනය කිරීමේ අවදානමක් තියෙන නිසා ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීති හඳුන්වා දීම වැදගත් වෙනවා.

ඒ වගේ ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගෙන රටට ආදර්ශයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහත්තයාට වුණත් ජනතා නියෝජිතයෙක් වෙන්න උවමනා නම් ජනාධිපතිතුමාගේ ආදර්ශය අනුව වැඩ කරන්න පුළුවන්.

මේ නීතිය මහජන නියෝජිතයන්ට විතරක් නෙමෙයි රජයේ තනතුරුවලට පත්වන නිලධාරීන්ට ද බලපාන ආකාරයට පුළුල් කර පවත්වා ගෙන යා යුතුයි කියන මතය යුතුකම ජාතික සංවිධානය දරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස