මෛත්‍රීට උප අගමැතිකම් දෙනවාට මම විරුද්ධයි! ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ විකෘතිය නිවැරදි කරනවා! – විමල්

August 26, 2020 at 11:41 pm | by emanisa.lk

19 වෙනි සංශෝධනයෙන් සිදුකළ විකෘතිය ප්‍රකෘතිමත් කරන බව තමන් ඉතා පැහැදිලිව සඳහන් කළ බව ඇමති විමල් වීරවංශ පවසයි.

එය පුද්ගලයන් අරමුණු කර සිදුකළ විකෘතිය නිවැරදි කිරීමක් මිස පුද්ගලයකු ඉලක්ක කර සිදු කරන සංශෝධනයක් නොවන බව ද සඳහන් කළේය.

තමන්ට යම් තනතුරක් උවමනා නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන් අදාළ පුරවැසිභාවය ඉවත් කරගෙන පැමිණීමේ හැකියාව පවතින බව බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයාට අලුත් තනතුරු හදා දීමට තමා එකඟ නොවන බවත් ඔහුගේ කෞතුක වටිනාකමකට වඩා යමක් නොමැති බවත් ඇමති වීරවංශ වැඩි දුරටත් සඳහන් කළේය.

අද (26) පැවති අමාත්‍ය මණ්ඩල හමුවට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස